Recent Update

සම්පත් මුණවිර සමග රේඩියෝ කළුතර Rising Stars

 

 තවත් දක්ෂයෙකු සොයා ගෙන රේඩියෝ කළුතර Rising Stars අපි ගියා කළුතර දිස්ත්‍රික්කයෙන් එපිටට..ගම්පහ දිස්ත්‍රික්ක්යේ ගනේමුල්ල ප්‍රදේශයට, අපි අද සොයා අවේ අපේ කලායේ තරුණ ගායකයෙකුවයි.. ඔහු නමින් සම්පත් මුණවීර.සම්පත් මුණවීර අද ලංකාවේ අලුතින් බිහි වු ගායකයෙක්.. ඔහුගේ පසුබිම ගැන කථාකරන්න අපි ගියා ඔහුව සොයාගෙන..



*සම්පත් ඔබ Music Filed එකට ඇවිත් කොච්චර කාලයක් වෙනවාද?
ම්ම්ම්.... 2011 දි තමයි මන් පලවෙනි song එක කලේ ඒත් මන් පොඩි කාලෙ ඉදන් සංගීත තරග වලට සහභාගි වෙලා තියෙනවා..

*මේ දවස් වල මොනවද කරන්නේ?
ඉගෙනීම් වැඩ ගැන වගේම office යන එක තමා !! අලුතින් සිංහල සිංදුවක් Cover කලා !! එකට පොඩි video එකක් කරන්නත් බලගෙන ඉන්නවා...ඒ වැඩ ටික තමා මේ ටිකේ වෙන්නෙ...

* දැන් මේ වෙනකොට ගීත කියක් කරලා තියෙනවාද ඔබ..අහ්?
මේ වෙනකොට ඔක්කොම tracks 9ක් විතර කලා, ඒ අතරෙන් tracks 4ක් මගේම ඒව අනිත්වා Remakes & Covers

* එවාට ලැබුණු ප්‍රතිචාර එහෙම කොහොමද?
හොද නරක දෙකම තිබ්බා...ඇත්තටම මං ඒකට කැමතියි...ඒවා තුලින් ඉලගට කරන නිර්මාණයෙ ගුණාත්මක බව වැඩිකරගන්න පුලුවන්..

* ඉදිරියට දිගටම Music Filed එකේ ඉන්න බලනවාද?

මට artist කෙනෙක් වෙන්න ලොකු අසාවක් නෑ !! විදින්න පුලුවන් දෙයක් කරන්නයි ආසාව...පුලුවන් වෙලවට නිර්මාන කරයි ඉස්සරහටත්...

* ආනගත බලාපොරොත්තුව..?

එහෙමයි කියල ලොකු බලාපොරොත්තුවක් නෑ...කාටවත් වදයක් නෑති චරිතයක් වෙන්න තිබ්බොත් ඈති..

* අනාගත පරපුරට,අලුත් අයට කියන්න තියන්නේ මොකක්ද?

හිහී...ඈත්තටම කියුවොත් මාත් ලොකු චරිතයක් නෙමෙයි music filed එකේ ඒක නිසා මට දැනෙන්නෙ කියන්න තියෙන්නෙ කරන්නන් වාලෙ සිංදු නොකර මොන පැත්තකින් හරි දැනේන යමක් කලොත් වටිනවා කියන එක තමා..

* අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන්නෙ..??

අන්තිමට කියන්න තියෙන්නෙ මගෙ tracks වල හොද නරක ඔයාල කියන එක මට සතුටුයි..  so ඕනිම වෙලවක මගේ FB Fan Page එකේ wall එකේ හරි inbox එකට හරි එවන්න..

මගේ FB Fan Page එකේ ලින්ක් එක මෙන්න https://www.facebook.com/SampathMunaweera

ඒ වගේම රේඩියෝ කළුතර එකට මම  thanks කරනවා මේ විදිහට අලුත් සහ senior artistලට තමන්ගෙ නිර්මාණ රසිකයන් අතරට ගෙනියන්න දෙන උත්සහයට..


සම්පත් මුණවිරගේ නවතම නිර්මාණය


 .......................

තවත් මෙවන් වු දක්ෂයකු සමග රේඩියෝ කළුතර Rising Stars තුලින් නැවත හමුවෙනතුරු ඔබ සැමට ආයුබෝවන් !



No comments