Recent Update :

RisingStar

සැම ඉරිදාවකම දැන් ලංකා රේඩියෝ වැඩසටහන..

ජර්මනියේ සිට රේඩියෝ කළුතර ඔස්සේ ගුවනට එකතුවන ලංක රේඩියෝ වැඩසටහන සතියේ සැම ඉරිදාවකම රාත්‍රි 8 සිට 10 දක්වා ඔබට www.radiokalutara.com ඔස්සේ ශ්‍රවණය කිරිමට හැක.. එකතුවන්න තාරුණ්‍යයේ සැබැ ගුවන් හඩ රේඩියෝ කළුතර සමගින්..

Read more ...

දෙවසරක් පුරා අප සමග සිටි ඔබ සැමට අපගේ උත්තමාචාරය..

2014 ඔක්තොම්බර් පළවෙනිදා.. රේඩියෝ කළුතර අපි මිට වසර දෙකකට පෙර එනම් 2012 ඔක්තොම්බර් පළවනදා සිට මුලු කළුතර පුරරයේ තාරුණ්‍යයේ හඩ රේඩියෝ කළුතර නමින් අන්තර්ජාලය සිසාර සැරිසරන්න ආරම්භ කලේය එදා පටන් අපත් එක්ක රැදි සිටි, විශේෂයෙන්ම මතක් කරයුතුයි අපිට හැම තිස්සේම උදව කරපු ශාලික සම්පත්, සුරින් ජයවර්ධන, ලක්ෂාන් ෆර්නාන්ඩෝ, ඉසුරු නිලංක, නමස්ක භාරත, චොමොද් කසුන්තක, සනෝජ් මුතුමාල්, හා අපව මේ තැනට එන්න් නන් අයුරින් උදව් කර සැමට අපේ හදපිරි ස්තුතිය ගෞරවයෙන් පිරිනමමු. අද අපිට විශේෂ දවසක්.. අද පටන් Radio Kalutara අපි අලුත්ම වෙනසක් සමගින්, අලුත් වැඩසටහන් එක්කලා  මුලු ලෝව පුරා පියාසර කරන්නෙමු.. රැදි සිටින්න රේඩියෝ කළුතර සමගින් දිගටම

.


Visit us
Read more ...

සම්පත් මුණවිර සමග රේඩියෝ කළුතර Rising Stars

 

 තවත් දක්ෂයෙකු සොයා ගෙන රේඩියෝ කළුතර Rising Stars අපි ගියා කළුතර දිස්ත්‍රික්කයෙන් එපිටට..ගම්පහ දිස්ත්‍රික්ක්යේ ගනේමුල්ල ප්‍රදේශයට, අපි අද සොයා අවේ අපේ කලායේ තරුණ ගායකයෙකුවයි.. ඔහු නමින් සම්පත් මුණවීර.සම්පත් මුණවීර අද ලංකාවේ අලුතින් බිහි වු ගායකයෙක්.. ඔහුගේ පසුබිම ගැන කථාකරන්න අපි ගියා ඔහුව සොයාගෙන..



*සම්පත් ඔබ Music Filed එකට ඇවිත් කොච්චර කාලයක් වෙනවාද?
ම්ම්ම්.... 2011 දි තමයි මන් පලවෙනි song එක කලේ ඒත් මන් පොඩි කාලෙ ඉදන් සංගීත තරග වලට සහභාගි වෙලා තියෙනවා..

*මේ දවස් වල මොනවද කරන්නේ?
ඉගෙනීම් වැඩ ගැන වගේම office යන එක තමා !! අලුතින් සිංහල සිංදුවක් Cover කලා !! එකට පොඩි video එකක් කරන්නත් බලගෙන ඉන්නවා...ඒ වැඩ ටික තමා මේ ටිකේ වෙන්නෙ...

* දැන් මේ වෙනකොට ගීත කියක් කරලා තියෙනවාද ඔබ..අහ්?
මේ වෙනකොට ඔක්කොම tracks 9ක් විතර කලා, ඒ අතරෙන් tracks 4ක් මගේම ඒව අනිත්වා Remakes & Covers

* එවාට ලැබුණු ප්‍රතිචාර එහෙම කොහොමද?
හොද නරක දෙකම තිබ්බා...ඇත්තටම මං ඒකට කැමතියි...ඒවා තුලින් ඉලගට කරන නිර්මාණයෙ ගුණාත්මක බව වැඩිකරගන්න පුලුවන්..

* ඉදිරියට දිගටම Music Filed එකේ ඉන්න බලනවාද?

මට artist කෙනෙක් වෙන්න ලොකු අසාවක් නෑ !! විදින්න පුලුවන් දෙයක් කරන්නයි ආසාව...පුලුවන් වෙලවට නිර්මාන කරයි ඉස්සරහටත්...

* ආනගත බලාපොරොත්තුව..?

එහෙමයි කියල ලොකු බලාපොරොත්තුවක් නෑ...කාටවත් වදයක් නෑති චරිතයක් වෙන්න තිබ්බොත් ඈති..

* අනාගත පරපුරට,අලුත් අයට කියන්න තියන්නේ මොකක්ද?

හිහී...ඈත්තටම කියුවොත් මාත් ලොකු චරිතයක් නෙමෙයි music filed එකේ ඒක නිසා මට දැනෙන්නෙ කියන්න තියෙන්නෙ කරන්නන් වාලෙ සිංදු නොකර මොන පැත්තකින් හරි දැනේන යමක් කලොත් වටිනවා කියන එක තමා..

* අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන්නෙ..??

අන්තිමට කියන්න තියෙන්නෙ මගෙ tracks වල හොද නරක ඔයාල කියන එක මට සතුටුයි..  so ඕනිම වෙලවක මගේ FB Fan Page එකේ wall එකේ හරි inbox එකට හරි එවන්න..

මගේ FB Fan Page එකේ ලින්ක් එක මෙන්න https://www.facebook.com/SampathMunaweera

ඒ වගේම රේඩියෝ කළුතර එකට මම  thanks කරනවා මේ විදිහට අලුත් සහ senior artistලට තමන්ගෙ නිර්මාණ රසිකයන් අතරට ගෙනියන්න දෙන උත්සහයට..


සම්පත් මුණවිරගේ නවතම නිර්මාණය


 .......................

තවත් මෙවන් වු දක්ෂයකු සමග රේඩියෝ කළුතර Rising Stars තුලින් නැවත හමුවෙනතුරු ඔබ සැමට ආයුබෝවන් !



Read more ...

පසිදු මනහර සමග රේඩියෝ කළුතර Rising Stars

රේඩියෝ කළුතර Rising Stars අපි සොයාගෙන ආවේ කළුතර ප්‍රදේශයේ සංගිත ක්ෂ්ත්‍රයේ දස්කම් පාන.. අපේම සොහුයුරකු සොයාගේ..  අපේ ප්‍රදේශයේ නැගි එන තරුවක් කිව්වොත් තවත් නිවැරදියි. ඔහු නමින් පසිදු මනහර,  ඔහුත් සමග අපි පවත්වන ලැබු විශේෂ වැඩසටහන පහතින් නරඹන්න..



පසිදු මනහරගේ එකේ ලින්කුව පහලින්..
www.facebook.com/pasindumanaharaofficial

..........................

තවත් මෙවන් වු දක්ෂයකු සමග රේඩියෝ කළුතර Rising Stars තුලින් නැවත හමුවෙනතුරු ඔබ සැමට ආයුබෝවන් !
Read more ...

කළුතර පුරවරයේ ඉදිවෙමින් පවතින දකුණු ආසියාවේ විශාලතම හිටි බුද්ධ ප්‍රතිමාව


ඔබ මේ ඉහත දකිනු ලබන්නේ කළුතර, පොතුවිල 740  ග්‍රාම සේවා වසමේ පිහිටි ඓතිහාසික වෙහෙරගල කන්ද පුරාණ රාජමාහ විහාරස්ථානයේ කදුශිකරය මත ඉදිවන ආසියාවේ විශාලතම හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නිර්මාණයයි..  මේ වන කොට අඩි 180ක් උසැති මෙම හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරමින් පවතිනු ලැබේ.. විශේෂයෙන්ම  අඩි 100ක් පමණ මේ වනකොට නිර්මාණය කර තිබේ.. ඉදිරි වැඩ කටයුතු කර ගැනිම සදහා බොහොදෙනාගේ උදව් අත්‍යවශය කර තිබේ..

මේ ඓතිහාසික පින් බිම තවත් චිරත් කාළයක් අනාගත අපේ දු පුතුන්ට, විශේෂයෙන්ම දෙස් විදෙස් සිටින ඔබ හට පෞරාණික ස්ථානයක් ලෙස දැක බලා ගැනිමට අපේ ඓතිහාසික උරුමයක් තවත් ආරක්ෂා කර ගැනිමේ කටයුත්තක් ලෙස ලොව්තුරා බුදු රජාණාන් වහන්සේගේ රුපය මෙලෙසින් නිර්මාණය කිරිමට 2012 මැයි මස 10 වන දින සුභ මොහොතින් මුල්ගල මෙහි  තබා ඇත.


වැඩි විස්තර සදහා පහත වැඩසටහන අසන්න.


Read more ...

Radio Kalutara Big Match Cover


Radio Kalutara Big Match Cover විශේෂාංගය තුලින් අද අපි ඔබට ගෙන එන්නේ Kalutara Vidyalaya හා Tissa Central College Kalutara අතර පැවැත්වෙන 56වන මැංගුස් සටන පිලිබදව එහිදි ප්‍රධාන වශයෙන්ම කථා බහ කෙරෙන්නේ මැංගුස් සටනට ඔවුන්ගේ තිබෙන සුදානම පිළිබදවයි..


Read more ...

සංකල්පනා 2014 | නිළ මාධ්‍ය අනුග්‍රහය රේඩියෝ කළුතර

 
 කළුතර විද්‍යලිය මාධ්‍ය ඒකකය ඉදිරිපත්කරන " සංකල්පනා 2014 " මාධ්‍ය දිනය 2014 ජනවාරි 29 වන දින කළුතර විද්‍යාලිය ප්‍රධාන ශාලාවේදි පැවැත්වේ..මෙය අප විසින් කරන සාඩම්බර දෙවන මාධ්‍ය ආවරණය වන අතරම අපි එදිනම උදැසන 8.30 සිට කළුතර විද්‍යාලිය ප්‍රධාන ශාලාවේ සිට රේඩියො කළුතර ඔස්සේ සජිවි විකාශනය ඔබ වෙත ගෙන ඒමට සියල්ල සුදානම් බව රේඩියෝ කළුතර මෙහි සටහන් තබන්නේ හද පිරි සතුටිනි..

එදිනට පැමිණෙන ඔබ හට රේඩියෝ කළුතර කාණ්ඩායම හමුවන්නත් පුළුවන..


 
tv.radiokalutara.com

Read more ...

දැන් රේඩියො කළුතර ඔබේ වෙබ් අඩවියෙත්

දිනපතා ඔබගේ වෙබ් අඩවියට පැමිණෙන අයට රේඩියො කළුතර අහගෙනම ඔබගේ වෙබ් අඩවිය නරඹන්න..දැන් රේඩියො කළුතර ඔබගේ වෙබ් අඩවියට, බ්ලොග් අඩවියට දැමිය හැකිය.. ඒ සදහා ඔබ කල යුත්තේ පහත සදහන් කේත පිට පත් කර ඔබගේ අඩවියේ පළ කිරිම පමණි...රේඩියො කළුතර ප්ලෙයරය පළ කර ඇති වෙබ් අඩවි පිළිබද විස්තරයක්ද ඔබ පළකිරිමෙන් අනතුරුව රේඩියො කළුතර විකාශනය කරනු ලැබේ..


රේඩියො කළුතර ප්ලෙයරයේ කේතය



රේඩියො කළුතර ප්ලෙයරයේ යම් කිසි ගැටලුවක් ඇති වුවහොත් පහතින් කොම්න්ට කර හො info@radiokalutara.com ඔස්සේ විමසන්න..

ඔබ අඩවියේත අප ප්ලෙයරය පළ කරන්නේ නම් පහතින් ඔබේ වෙබ් අඩවියේ ලින්කුව සමග පොඩි දෙයක් කොමින්ට කර යන්න..

Read more ...
Designed By Radio Kalutara Team