Recent Update

කළුතර අපේ පුංචි දෝනි


සමනළ තටු චිත්‍රපටයේ රගපැ දෑත් අහිමි සිගිත්තිය දුලංජලී ආරියතිලක ළගදී ප්‍රතිඵල පිටවු ඕ ලෙවල් විභාගය ඉහළින්ම සමත් වෙලා.. අපේ කළුතර පුර්වරයටත් අභිමානයක් අපේ පුංචි දෝනි.. කටුකුරුන්ද රෝමාණු කතෝලික විදුලහේ ඉගෙනගන්නා ඇයට ඒ හයයි බී දෙකයි සි එකයි.

දෑත් අහිමි වුවත් දිරියෙන් ඉගෙන ගත් ඇයට පාදයෙන් ලස්සනට අකුරු ලියන්නත් පුළුවන්. කටුකුරුන්දේ පිහිටි මාර්ක් ශ්‍රි ළමා නිවාසයේ වාසය කරන ඈව තමන්ගේ දරුවෙකු මෙන් රැකබලාගන්නේ ජුලියන් තිසේරා පුයතුමා ජුලියන් තිසේරා පියතුමා සහ රීටා පෙරේරා මෑණියන්ය..


ඇය පරිගණ ග්‍රෆික් නිර්මාණය, ඕගන් වාදනය වැනි සියුම් වැඩට පවා දක්ෂකම් දක්වන්නියකි.

උසස් පෙළ වාණිජ්‍යය විෂය ධාරාවෙන් හැදෑරිමට බලාපොරොත්තුවෙන් පසුවන දුලංජලී අනාගතයේ ග්‍රෆික් නිර්මාණ ශිල්පිනියක් වන්නට සිහින් මවනවා.

රේඩියෝ කළුතර අපි දුලංජලී ආරියතිලක නම් ඇයගේ සියලුම් හීන , බලාපොරොත්තු සාර්ථක වේවායි ! ඇයගේ අනාගතය හොදින් වැජබේවායි ප්‍රර්ථනා කරන්නෙමු.

No comments