Recent Update

රේඩියෝ කළුතර මාධ්‍ය පාසල සැම සති අන්තයකම පැවැත්වේ

සයිබර් අවකාශයේ නව වෙනසක් එකතු කරමින් ශක්තිමත් වෙබ් නාලිකාවක් ලෙස ඉදිරියට යන රේඩියෝ කළුතර මාධ්‍ය ජාලය අද වන විට ඉතාලිය , ඔස්ට්‍රේලියාව , සයිප්‍රස් , ඇමෙරිකාව , වැනි රටවල් සමගද සබදතා පවත්වාගනිමින් වෙබ් අවකාශයේ දිදුලන නාමයක් අත් කරගනිමින් ඉදිරියට පැමිණෙන මාධ්‍ය ජාලයක් ලෙස හදුන්වා දිය හැක. අලුත් පරපුරේ ගීත නිර්මාණකරුවන්ට , සංගීත ශිල්පීන්ට වීඩියෝ නිර්මාණය කරන්නට මෙන්ම කෙටි චිත්‍රපට නිර්මාණයට රුචිකත්වයක් දක්වන අයට හා විවිධ ඉසවු ඔස්සේ කලාව සමග සම්බන්ද වන අයට අත්වැලක් සැපයීම රේඩියෝ කළුතර මාධ්‍ය ආයතනයේ අරමුණයි.තරුණ නව නිර්මාණකරුවන්ට අවසථාව ලබාදීම සදහා මින් පෙර රේඩියෝ කළුතර මාධ්‍ය ජාලය බොහෝ කැපකිරීම කර ඇති අතර අද වන විට සමාජ ජාල මාධ්‍ය හරහා කතා බහට ලක්වන , බොහෝ පිරිසකගේ ආකර්ෂණය දිනා ගත් මාධ්‍ය ජාලයක් ලෙස හැදින්විය හැක.තවද සමාජ ජාල හරහා නව නිර්මාණ කරමින් ඉදිරියට ගිය බොහෝ කලාකරුවන්ද සහෝදරත්වයෙන් අත්වැල් බැදගන්නා මාධ්‍ය ජාලයක් ලෙස රේඩියෝ කළුතර මාධ්‍ය ජාලය සමාජයට අවතීර්ණ වී ඇත.ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියුතු දැවැන්ත චරිත මෙන්ම ආයතන සහ අධ්‍යාපනික ආයතන රේඩියෝ කළුතර සමග අඛණ්ඩව කටයුතු කරන්නේ විශ්වාසයේ සහතිකය නිසාවෙනි.
එලෙසම දැයේ දරු දැරියන්ගේ අනාගතය දිරිමත් කිරීම අරමුණු කරගනිමින් ඔවුන්ගේ නායකත්වය හා පෞර්ෂත්වය වර්ධනය කිරීමට රේඩියෝ කළුතර මාධ්‍ය ජාලය විසින් මෙහෙයවන “මාධ්‍ය පාසල" නමින් නායකත්ව පුහුණු සහ පුද්ගල සංවර්ධන පාඨමාලාවක් නොමිලේ දරුවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබයි. ජීවිත අධ්‍යාපනය , ප්‍රවෘත්ති නිවේදනය හා වාර්තාකරණය , නාට්‍ය හා රංග කලාව , ඡායාරූපකරණය සහ තවත් විෂය ක්ෂේත්‍රයන් රැසක් ඔස්සේ විනෝදාත්මක ක්‍රියාකාරකම් වල නිරත වෙමින් විශිෂ්ට ගණයේ පුහුණුවක් ලැබීමට දරුවන්ට මෙහිදී අවස්ථාව ලැබේ.එමෙන්ම සංගීතය , චිත්‍ර , නැටුම් , නිවේදනය , ක්‍රීඩා , මෝස්‌තරකරණය , නිරූපණ ශිල්පය , තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යන දරුවන් කැමති ඕනෑම විෂය ක්ෂේත්‍රයක් ඔස්සේ ඉදිරියට යාමට සහ ඔවුන්ගේ හැකියාව දියුණු කරගැනීමටත් එම ක්ෂේත්‍රයන්ට අදාල ප්‍රවීණයන් හා සම්බන්ද වීමටත් මෙමගින් අවස්ථාව ලබාදේ.එලෙසම පාසලේ පවතින සංවිධාන වන ශිෂ්‍යනායක මණ්ඩලය , මාධ්‍ය සංසද වැනි සංගම්වල කටයුතු කරන දරුවන්ටද එම සංවිධාන වලට අදාළව විශේෂ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මගින් එම සංවිධාන තවදුරටත් සංවර්ධනය කිරීමට රේඩියෝ කළුතර මාධ්‍ය ජාලය අපේක්ෂා කරයි.
මෙවැනි සමාජ මෙහෙවරන් රැසක් කරමින් ඉදිරියට යන රේඩියෝ කළුතර මාධ්‍ය ජාලය සමාජයට යහපත් වූ පණිවුඩ ලබාදෙමින් පුද්ගලයින් තුල යහපත් වූ ආකාරයේ වටිනාකම් හා ආකල්ප සංවර්ධනය කරන්නට අනවරත අරගලයක යෙදේ.

No comments