Recent Update

ලංකාවේ ප්‍රථම වතාවට THE GEEK SHOW


අද ඇත්තටම අපිට ගොඩාක් සතුටු දවසක්.. අපේ සති ගණනක සැලසුම් කළ දේ අද ලොවටම එළියට දැම්මා..ඒ වෙන මොකක්වත් නෙමෙයි.. Geek.lk හා රේඩියො කළුතර එක්ව නිශ්පාදනය කර ප්‍රථම THE GEEK SHOW වැඩසටහන අද දින (2013 - 03 - 17 ) රාත්‍රි 9ට හැබැයි විදුලිය ඇණහිටිමක් හේතුවෙන් පොඩ්ඩක් ප්‍රමාද වුනා.. ඒත් අපි 9.15 වෙනකොට වැඩේ පටන් ගත්තා.. අද අපේ ගීක් ෂෝ එකේ ප්‍රධාන ආරාධිතයා වුනේ භාෂා ලංකා ආයතනයේ ප්‍රධානි ධනික සොහුයුරායි.. තව ට්‍රික්ස් ලංකා වෙනුවෙන් ලංකා සොහුයුරියද, Geek.lk වෙබ් අඩවියේ ප්‍රධානි චනක්ස් සොහුරාද, දුමිල් සොහොයුරාද මෙම වැඩ සටහනට සහභගි විය..මෙවැනි වැඩසටහනක් ලංකාවේ විකාශය වන්නේ ප්‍රථම වතාවටයි..මෙවැනි වැඩසටහනක් ලංකාවේ විකාශය වන්නේ, නිශ්පාදනය වන්නේ ප්‍රථම වතාවටයි..

 දැනුමින් සපිරි බුද්ධිමත් සිංහලයින් පරපුරක් නිර්මාණයට අවශ්‍ය දැනුම අත්දැකීම් සහ උපදෙස් ලබාදීම සදහා සෑම සෙනසුරාදාවකම රාත්‍රී 9.00 ට සජීවීව මෙතැනින් අපට හමුවිය හැක. සෑම සතියකම තාක්ෂණික අධ්‍යාපණික කරුණු වලට අමතව අලුත් යමක් කෙරූ ගීක් කෙනෙකු සමග කතා බහ කෙරෙන අතර ඔයු සමග සජීවීව සංවාදයේ යෙදෙන්න ඔබටත් පුලුවන්....

The Geek Show මීළග සජීවී වැඩසටහන 2012 මාර්තු මස 30 වන දින රාත්‍රි 9ට බලාපොරොත්තු වෙන්න..

ඔබට යම් හෙයකින් ඇසිමට , බැලිමට නොහැකි වුවානම් පහත ලින්කුව ඔස්සේ ඇසිමට, බැලිමට හැකිය.


AUDIO වලින් අහන්න  128Kbps - 76MB


AUDIO වලින් අහන්න 64Kbps - 19MB



VIDEO වලින් බලන්න  154 MB

2 comments:

  1. නියම වැඩක් චනුක් සොයුරා ඇතුළු සැමට සුබ පැතුම්.

    ReplyDelete