Recent Update

නත්තල් විශේෂ දේව මෙහෙය 24 රාත්‍රි 10.30 සිට සජිවිව

 
ජේසුතුමන්ගේ උපත සිහිපත් කරන තවත් අසිරිමත් නත්තලක් දෙසැම්බර් 24 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් උදාවෙයි. මේ නිමිත්තෙන් දිවයිනේ සියලු කිතුනු දේවස්ථානවල 24 වැනිදා මධ්‍යම රාත්‍රියේදි දේව මෙහෙයන් පැවැත්වෙයි.

කළුතර ප්‍රදේශයේ විශේෂ නත්තල් දේව මෙහෙයක් කළුතර, කලමුල්ල ජේසු බිලිඳුන් ගේ දේවස්ථානයේදි පැවැත්වේ.

මේ දේවස්ථානයේ විශේෂත්වයක් වන්නේ මෙරට කිතුනුවන්ට ඉමහත් පීඩන ගෙනදුන් ඕලන්ද පාලන සමයේ දී මෙරටට පැමිණි භාග්‍යවන්ත ජුසේවාස් පියතුමන් මේ ස්ථානයේම නත්තල් දින මධ්‍යම රාත්‍රි දිව්‍ය පූජාවක් රහසිගතව පැවැත්වීමයි.

එම සිද්ධිය සිහිපත් කරමින් මේ දේවස්ථානය පසුකලක ඉදිකර ඇත. මේ නත්තල් දේවමෙහෙය රේඩියෝ කළුතර ඔස්සේ සජිව ඔස්සේ මුලු ලොවම සිසාරා හඩ දෙන්නට විකාශනය කරනු ලැබේ..


No comments